Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

02nd March 2025 08:47:15 Hours

243 බල බලසේනාව   සහ 11 (සෙව්) ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් කොක්කඩිචෝලෙයිහි ගැබිනි මව්වරුන් වෙත වියලි ආහාර සලාක මළු බෙදාදීමේ වැඩසටහනක් පවත්වයි.

ආරක්‍ෂක සේනා - (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පී ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මඟපෙන්වීම සහ 24 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 243 පාබල බලසේනාවට අයත් භටපිරිස් , 11 වන (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු  සහ සිල්වමිල් ආයතනයේ මුල්‍යමය අනුග්‍රහය ඇතිව  2025 පෙබරවාරි මස 27 වන දින කොක්කඩිචෝලෙයිහි ගැබිනි මව්වරුන් හට වියලි ආහාර සලාක මළු සපයන ලදි.

මෙම වැඩසටහන  සදහා 243 වන පාබල බළසේනාව බළසේනාධිපති, බ්‍රිගේඩියර්  කේඑම්යූපි කළුපහන යුඑස්පි පිඑස්සි ,අණදෙන නිලධාරි ,ජ්‍යෙෂ්ඨ ,කණිෂ්ඨ නිළධාරීන් සහ සෙසුනිළයින්ද සහභාගී විය.